Sunday, October 14, 2012

Radio Stereo FM radio with RDS ?

RadioStereo FM radio with RDS     ?

මොකක්ද මෙ  RDS   කියන එකෙන් අදහස් වෙන්නේ. මේ RDS  කියල කියන්නේ විශේෂ ඉහල ගණයේ ජංගම දුරකථන වල තියෙන සුවිශේෂී පහසුකමක්. දුරකතන වල විතරක් නෙමෙයි. මිළ අදික car stereos , Home systems, especially hi-fi receivers වලත් මේ පහසුකම අන්තර්ගත කරලා තියෙනවා.

RDS ( Radio Data System ) පහසුකම තුලින් අපට FM විකාශනාගාරයෙන් නිකුත් කරන චැනලයට  අදාල  අනෙකුත් තොරතුරැ ලබා ගත හැකිඊ.  මෙය අනිවාර්යයෙන්ම FM විකාශනයක් විය යුතුයි. ලෝකයේ ඕනෑම FM චැනලයක් තුල තවත් තොරතුරු කිහිපයක් අඩංගු වෙනව. උදාහරණයක් විදියට එම චැනලයට අදාළ අනෙකුත් තරංග අයාමයන්. එක චැනලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ 93.5  විකාශය කරන විට එම චැනලයම නුවර ප්‍රදේශයේ 102.3 විකාශය කරනවා විය හැකිය. ඔබ උපකරණයේ RDS  තිබෙනවානම් එය විසින් ස්වන්ක්‍රියවම  අදාළ තරංග පරාසයට සුසර වේ ඔබ අසන චැනලය නොකඩවා ඔබට අසන්න සලස්වනවා. හොදා නේද :)

තවත් වටිනා දෙයක් තමඊ වෙන චැනලයක Traffic Programms වැඩසටහනක් විකාශනය වෙනවනම් මෙම පහසුකම තුලින් ස්වන්ක්‍රියවම අදාළ චැනලයට ගමන කර එම වැඩසටහන ඔබට ආසන්න සලස්වනවා. මෙය අපට පාලනය කර ගන්න පුළුවන්.

තවත් පහසුකම් ටිකක් තියෙනවා ඒවා එතරම් වැදගත් නැ හිතන විදයට. වෙලාවක ඒ ටිකත් දාන්නම් :)

No comments:

Post a Comment