අපට ආදරේ කරන අය අපිව නිතරම ආරක්ෂා කරනවා කියන හැගිම අපි හැම කෙනෙකුගේම හිතේ ගබුරුම තැනක පැලපදියම් වෙලා තියෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඇතටම එක එහෙමම තමඊ. ඒ අය අපට නොපෙනුනත්....
එක මිශ්‍ර පාසලක් වසර 1998 දෙසැම්බර් මාසේ දවසක සාමාන්‍ය පෙළ විබාගේ අන්තිම ප්‍රශ්න පත්තරේටත් උත්තර ලියල අවසන් උනා. එදා තමයි මෙ කොල්ලා අවුරුදු ගානක් මේකාගේ හිතේ සගවාගෙන තිබුණු ආදරේ උගේ හිත ගත්ත කෙල්ලට හෙළි කල දවස. ඇත්තටම මෙ කෙල්ලත් කොල්ලට ආදරේ කරා රහසින්. එක නිහඩ ආදරයක්. නිහඩ කම තරම් ගැබුරු දෙයක් මෙලොකේ තියෙනවද මන්ද. කෙල්ල වචනයකින් පිළිතුරු නොදුන්නට මුනේ ඇදුනු හිනාව හැම දෙයක්ම තීරණය කරා. මෙ ආදරයට බාදක වැට කඩුලු තිබුනෙම නැති තරම්. උපකාරක පන්තියෙත් පාසලෙත් මෙ ආදරය ගලා ගෙන ගියා හැම දෙනාගේම ආශීර්වාදය ඇතුව. ඇත්තටම මුන් දෙන්න දැනගෙන නොහිටියට ගෙවල් වල අම්ම තාත්තත් මෙ සම්බන්දයට කැමැත්ත පල කරලා තිබුන. මොනතරම් සුන්දර වාසනාවන්ත ආදරයක්ද ? මෙ ආදරය නිසා මුන් දෙන්නගේ ඉගෙනුම කඩා දැන්මෙ නැහැ. 2001 වසර උසස් පෙළ විබගයෙන් කෙල්ල වඊඩ්ය විද්‍යාලයට සුදුසුකම් ලබා තිබුන. අනාගත දොස්තර කෙනෙක්. කොල්ලනම් එතරම් වාසනාවන්ත උනේ නැහැ.
අපිව යමකට යොමු කරන්නේ යම් කිසි නොපෙනෙන බලවෙගයකින්ද ? සසර පතාගෙන එන හැටිද ? තවත් මාස කිහිපයකට පස්සේ තරුණ කැඩේට් නිලදරියකු ලෙස මෙ කොල්ලා ආමි එකට යන එක වලක්වන්න කාටවත්ම බැරි උනා. තමන්ගේ ප්රෙමවන්තයට ආශිර්වාද කරන එක ඇරේන්න වෙන දෙයක් කරන්න මෙ කෙල්ලට ඉතුරුවෙලා තියුනේ නැහැ.
තවත් වසර 2 විතර පස්සේ තරුණ 2 ලුතිනන් කෙනෙක් විදියට මෙ කොල්ලා යුද හමුදාවට එක් උනා. කෙල්ල තාම සිසුවියක් දොස්තර කෙනෙක් වෙන්න. කොල්ල නිවාඩු ආවම කෙල්ලටත් නිවාඩු. ආදරේ උපරිම ලෙස වින්ද ජෝඩුවක්..... මොනතරම් සුන්දර ආදරයක්ද ?
සිහින මායාවක්ද ? එත් එක දවසක් මෙ කෙල්ල සිහිනයක් දැක්ක ඒ සිහිනයේ කතා නායකයා උනේ මෙ කොල්ලා තමන්ගේ ආදරය. සැඩ පහරක් දියේ ගිලීමක් හරිම කෙටි නමුත් පැහැදිලි සිහිනයක්. මෙ කතාව කවදාවත්ම මෙ කොල්ලට කියා ගන්න අවස්ථාවක් කෙල්ලට ලැබුනේ නැහැ. සමහර විට අද වෙන තුරුත්. මුකුත් නිසා නෙමෙයි ඊට දවස් දෙකකට පස්සේ තවත් එක් අබීත නිලදාරියෙක් අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරල තිබුන. තරුණ ලුතිනන්වරයෙක්. මෙ වීරයාගේ මුතදේහයට පෙන්නන්න පුළුවන් කමක් තිඋන. ඒ මුනේ සටහන් වෙලා තිබුණු හැගිම් කියවන්න පුළුවන් ශක්තියක් මෙ කෙල්ලට තබුනේ නැ. එත් එ මුනේ මොකක්දෝ ගුප්ත හැගීමක් තියෙනවා කියල නොහිතුනාමත් නෙමෙඉ.
තවත් මස තුනක් විතර ගත උනා. එක තවත් එක් රාත්‍රියක් වෙනසක් තිබුනෙම නැහැ. හුගක් නිහඩ. විස්වාස කරනවද කෙල්ල තාමත් කොල්ලට ආදරෙන්... එත් ඒ රාත්‍රීය හුගක් දේවල් තීරණය කරන බව කව්රුවත් දැනගෙන හිටියේ නැ. ඒ රාත්‍රියේ මෙ ආදරවන්තිය සිහිනයක් දැක්ක තමන්ගේ කොල්ලා ලගට එනව. කාලය ගතවෙනවා දැනුනේ නේ. දෙන්නම ගොඩක් සතුටින් කතා කර කර හිටිය. ඒ අතරේ කොල්ලා විවාහ ගිවිස ගැනීමේ මුද්දක් කෙල්ලට දෙනව. කොල්ලා ජිවිතුන් අතර නැති එක ගැන මතකයක් තිබුනේ නැහැ. මෙ සිහිනය අතරම සුව නින්දක් .... පසුදා උදැසන සිහිනය ගැන පොඩි මතකයක් විතරඊ ඉතුරු උනේ. එත්... අමතක නොවෙන එක දෙයක් වුණා ඒ මුද්ද සිහිනයෙන් දුන් ඒ මුද්ද ඇදේ තිබිල හමුවෙනවා.
කෙල්ල දැන් දොස්තර කෙනෙක්. ඔබ විස්වාස කරනවද මේදේ තාමත් වෙනව. මසකට එක වතාවක් මෙ කොල්ල එනව කෙල්ල ලගට. දෙන්නට කතා කරලා ඉවර කරන්න බැරි උන කතාවක් කතා කරන්න. මුද්ද මෙ කෙල්ල අතේ පළදිනවා විවාහකයන් පළදින ඇගිල්ලේ...
සසර බැදීම් මොනතරම් සංකිර්ණද ???